පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- කොන්ඩය කොටට කැපිය යුතුය .
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4ක් විය යුතුය.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
- නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-11)
- කොන්ඩය කොටට කැපිය යුතුය .
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
- කලිසමේ පහළ කෙළවර අගල් 14 .5 ක් විය යුතුය.
- නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (1-11)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය ගවුමේ වම් පස අතෙහි තබා මැසිය යුතුය .
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව විය යුතුය.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.







