කුරුගම කනිෂ්ට විද්‍යාලය

සියලුම පාසල් සඳහා නිවාඩු

zz.png
zz.png

විදුහල්පති පණිවිඩය

ඩී.ආර්.ඒ.එන්. බණ්ඩාර

අභීත වෙල්ලස්ස පුරවරයේ සොදුරු  ගම් පියසක  පිහිටි  අප පාසල  වන  මො / කුරුගම කණිෂ්ට විද්‍යාලය ඌව පළාතේ  වැල්ලවාය කලාපයේ පිහිටි දීප්තිමත් පාසලකි . භෞතික හා මානව සම්පත් අවම වුවද , එම බාධක  මැඩගෙන කලාප ,  පළාත් සමස්තලංකා  මට්‌ටමේ  ජයග්‍රහණ පවා ලබා ගැනීමට අප පාසලේ සිසු දරුවන් සමත්වී ඇත . අප පාසලෙන් බිහි වී රට දැය වෙනුවෙන් ක්‍රියා කරන දිප්තිමත් ආදී සිසුන්ද බොහොමයකි.

මෙම වසරේ සිට අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල දියුනුවක් අත් කර ගනිමින් පවතී අප විද්‍යාලයේ සම්බන්ද විවිද පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනිමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ද සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ද වී පාසලේ උන්නතියට සහයෝගය ලබා දෙන මෙන් ආරාධනා කර සිටිමි. මෙම  කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උර දුන් සැමට මාගේ හදපිරි ස්තුතිය පිරි නමන අතර කුරුගම විද්‍යාලයේ හිනි පෙත්තටම නැගී දීප්තිමත් විද්‍යාලයක් බවට පත් කර ගැනිමට හැකි වේවා යැයි ප්‍රාර්තනා කරමි. අප විද්‍යාලයේ දරු දැරියන්ගේ දැනුම,කුසලතා,ආකල්ප පිරිපුන් කර ගනිමින් සාර්තක අධ්‍යාපනයක නිරත වීමට හැකිවෙවා'යි ප්‍රර්ථනා කරමි.  

ඩී.ආර්.ඒ.එන්. බණ්ඩාර
විදුහල්පති
මො / කුරුගම කණිෂ්ට විද්‍යාලය .