නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එච් . එච් රාජරත්න
වසර 75 ක අභිමානවත් ඉතිහාසයක් ඇති මො / කුරුගම විද්‍යාලය වෙල්ලස්ස පුරවරයේ වැල්ලවාය ප්‍රදේශයේ සොදුරු ගම් පියසක පිහිටා ඇත. අප පාසලේ දුවා දරුවන් විවිද තරග සදහා පළාත් හා සමස්ථ ලංකා මට්ටමේ විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇත.අප පාසලෙන් බිහි වී රට දැය වෙනුවෙන් ක්‍රියා කරන දීප්තිමත් ආදී සිසුන්ද රාශියක් සිටියි .
මෙම වසරේ සිට තොරතුරු තාක්ෂණ අංශයෙන් විශාල දියුණුවක් අත් කරගනිමින් පාසල නගා සිටුවිමට අප ක්‍රියා කරමින් සිටින්නෙමු .අප විද්‍යාලය සමග සම්බන්ද විවිද පාර්ශව සමග අදහස් හුවමාරු කිරීමේදී මෙම වෙබ් අඩවිය ඵලදායීව යොදාගත හැකි වෙතැයි අප අපේක්ෂා කරමු . කුරුගම විද්‍යාලය වැල්ලවාය කොට්ට්ටාසයේ විශිෂ්ටතම කනිෂ්ට විද්‍යාලය බවට පත් වේවා ' යි ප්‍රාර්ථනා කරමි .
එච් . එච් රාජරත්න
නියෝජ්‍ය විදුහල්පති
මො / කුරුගම කණිෂ්ට විද්‍යාලය .





