කුරුගම කනිෂ්ට විද්‍යාලය

සියලුම පාසල් සඳහා නිවාඩු

zz.png
zz.png
  • පෙ.ව. 6.45-7.15 අතර කාලය තුල සියලුම සිසුන් පාසලට පැමිණිය යුතුය. පෙ.ව. 7.15 වන විට පන්ති මිදුල වැසිකිලි පිරිසිදු කිරිම් අවසන් කල යුතුය. 
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියළුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • දිව ආහාරය ගෙන ඒම සදහා පොලිතින් භාවිත නොකර කෑම පෙට්ටියක් භාවිත කල යුතුය 
  • පන්ති කාමරයෙන් බැහැර කරන කැළිකසල ඒ සදහා වෙන් කර ඇති නියමිත ස්ථානයට දැමිය යුතුය
  • වැසිකිළි කැසිකිලි පිරිසිදුව තබා ගැනීම ඔබගේ යුතුකමක් වන අතර වැසිකිලි භාවිතයෙන් පසු වතුර දමා පිරිසිදු කල යුතුය 
  • පිරිමි ළමුන්ගේ නිල ඇදුම් ශරීරයට ලිහිල් වන අයුරින් මසාගෙන තිබිය යුතුය[පහසු අයුරින් ]
  • ගැහැණු ළමුන්ගේ සුදු ගවුම විනය මණ්ඩලයේ උපදෙස් වලට අනුකූලව තිබිය යුතුය [දණහිසෙන් පහළට]
  • සියලුම සිසුන් විෂය අවසාන වන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පන්තිභාර ගුරුවරයා විසින් තම සිසුන් වෙනුවෙන් පෙර වැරදි පොතක් භාවිත කළ යුතුය. වැරදි තුනකට වඩා සටහන් වන අවස්තානකදී අංශභාර ගුරුවරයා වෙත යොමු කළ යුතුය.වසර  අවසානයේ එම පොත ඊළග පන්තිභාර ගුරුවරයාට භාරදිය යුතුය. සහතික නිකුත් කිරීමේදී එම පොත පරීක්ෂා කරනු ලැබේ.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රුදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • පාසල් බස්රථයේ ගමන් ගන්න සියලුම සිසුන් බස්රථය පැමිනෙන තුරු  ප්‍රධාන දොරටුවෙන් ඇතුලත රැදී සිට බස්රථය පැමිණි පසු එකිනෙකා පිලිවෙලින් ගොස් බස්රථයට නැගිය යුතුය .
  • පයින් ගමන් ගන්නා සියලු සිසුන් පාරේ දකුණු පසින් ගමන් කල යුතුය .
  • සියලු සිසුන් විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයට කීකරු වී කටයුතු කල යුතුය 
  • ගුරුවරුන් විදුහල්පතිතුමා ඔබට දෙන අවවාද වලට හොදින් සවන් දිය යුතුය .